Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > එදිනෙදා අන්තර්ජාලය භාවිතා කරන අයට වැදගත් වෙන සරල උපක්‍රම කිහිපයක්

එදිනෙදා අන්තර්ජාලය භාවිතා කරන අයට වැදගත් වෙන සරල උපක්‍රම කිහිපයක්

1). Address bar එකේ වෙබ්සයිට් එකේ නම ගහලා Ctrl+Enter ප්‍රෙස් කරොත් automatically ඒක “www.වෙබ්සයිට්_එකේ_නම.com” කියලා ඒක replace වෙනවා.. උදාහරණයක් විදියට ඔයාට “www.facebook.com” කියන වෙබ්සයිට් එකට යන්න ඕන නම් address bar එකේ “facebook” කියලා ගහලා Ctrl+Enter ප්‍රෙස් කරහම හරි…  ????

2). මොකක්හරි webpage එකක තියෙන image එකක් Google Image Search එකෙන් reverse කරලා හොයන්න ඕන නම්, කීබෝඩ් එකේ “S” අකුර ප්‍රෙස් කරගෙන ඒ image එක උඩ right click කරන්න(Chrome ONLY).. එතකොට automatticaly new tab එකක් open වෙලා අදාළ image එක google reverse search එකට add වෙනවා(මගේ ආසම shortcut එක ????).

3). අත්වැරදීමකින් තමන්ට අවශ්‍ය tab එකක් close වුනොත් Ctrl+Shift+T ප්‍රෙස් කරන්න.. එතකොට අන්තිමට අපේ අතින් close වුනු tab එක ආයෙත් open කරගන්න පුළුවන්..

4). Content copy-paste කරන්න අවසර නැති වෙබ්සයිට් වල ගොඩක් වෙලාවට right click function එක disabled කරලා තියෙන්නේ.. ඒ වගේ වෙලාවක right click funtion එක enable කරගන්න ඕන වුනොත් තමන්ගේ Web browser එකේ javascript OFF කරන්න (Settings වලින්).. එහෙම නැත්නම් “javascript:void(document.oncontextmenu=null);” කියන එක copy කරලා අදාළ වෙබ්සයිට් එක තියෙන tab එකේ address bar එකට paste කරන්න.. ????

5). වෙබ්සයිට් එකක cache clear කරලා refresh කරන්න ඕන වුනොත්, එක පාර Ctrl+Shift+R ප්‍රෙස් කරන්න..

5). Task Manager එක open කරගන්න ඕන වුනොත් Ctrl+Shift+Delete ප්‍රෙස් කරනවා වෙනුවට, Ctrl+Shift+Esc ප්‍රෙස් කරන්න.. එතකොට එක පාරම Task Manager window එක open වෙනවා.. ????

5). Text box එකක type කරපු දෙයක් උඩින් cursor එක smooth විදියට word-by-word අරගෙන යන්න ඕන වුනොත් මෙහෙම කරන්න.. ????
* Ctrl+arrow keys වලින් පුළුවන් හැම වචනයකම මුලට cursor එක පිළිවෙලට අරන් යන්න..
* Ctrl+Shift+arrow keys වලින් පුළුවන් වචනෙන් වචනේ පිළිවෙලට select කරන්න..
* Ctrl+Backspace එකෙන් පුළුවන් වචනෙන් වචනෙන් වම් පැත්තට පිලිවෙලින් delete කරන්න..

6). Youtube එකේ video බලන්න යද්දී වයස සම්පූර්ණ වෙලා නැහැ කියලා msg එක ආවොත් මේ විදියට “watch?v=” කියන address එකේ කොටස “v” වලට replace කරගන්න..
සාමාන්‍ය youtube වීඩියෝ එකේ link එක :- https://www.youtube.com/watch?v=BlaBla123
Age bypass කරපු වීඩියෝ එකේ link එක මේ විදියට හදාගන්න. :- https://www.youtube.com/v/BlaBla123
ඊට පස්සේ ඒ bypass කරපු link එකට ගිහින් කිසි ප්‍රශ්නයක් නැතුව වීඩියෝ එක බලන්න පුළුවන්..????

7). ඔයා හැමදාම browsing histry, Download history delete කරන කෙනෙක් නම්, Incognito mode එක use කරන්න.. ????
* Chrome browser එකේ incognito mode එකට යන්න ඕන නම් :- Ctrl+Shift+N
* Firefox browser එකේ incognito mode එකට යන්න ඕන නම් :- Ctrl+Shift+P
=================================
| රෂාන් හසරංග | 

Rashan Hasaranga

Posted on 20th July 2018
78 views