Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > Sarcasm සහ සමාජ ජාල

Sarcasm සහ සමාජ ජාල

 ලන්කාවේ මිනිස්සුන් සමහරකට ප්‍රහසනය (Sarcasm) තේරුම් ගැනීමට නොහැකිය.. සමහරකට නොව, බොහෝ පිරිසකට එසේය.. සමහර අවස්ථාවල අපි පොස්ට් දාන්නේද ප්‍රහසනය ඉලක්ක කරගෙනය, කමෙන්ට් ද එසේමය.. නමුත් ඇත්තටම වෙන්නේ බලන කෙනා පොස්ට් එක උඩින් පල්ලෙන් කියවා “හපෝ මූ නම් මන්දබුද්ධිකයෙක්ද කොහෙද.., මූට මේ වගේ පොඩි දෙයක්වත් තේරෙන්නේ නෑනේ..” යන ලේබලය අලවා haha එකක් දා යෑමය.. ඇත්තටම එහි ප්‍රශ්නයක් නොමැත.. එහෙත් මෙවැනි පොස්ට් සිරා ගන්නා තවත් එක්තරා මට්ටමක (මන්ද)බුද්ධිමත් පිරිසක් ඇත.. ඔවුන්ට ඕන බලු වලිගයක් එකය..

අපි වෝල් එකේ වචන 10ක් ලිව්වත් එය සිරාය, අපි කෙල්ලෙක්ගෙ පොටෝ එකක් share කරලා ඒකිට සෙනෙහස දෑක්කුවොත් ඒකත් සිරාම සීන් එකක් යෑ ඔවුන් සිතයි.. ඉතින් දුටු තැන සීරියස් වී අපිට බනිනවාය.. නැතිනම් reply comment එකක් අස්සේ ඉදගෙන හරි ණයට කහිනවාය.. ආතල් දන්නෝ නස්පුක් වෙන්නම ආතල් ගන්නා අතරේ මොවුන් කරන්නේ අපේ මතයට විරුද්ධව කතා කරන එකය.. විහිලු තේරෙන්නැතිනම් නොදැක්කා සේ යන එක එකකි, විහිලුව මැදට පැන විහිළුවක් වීම තව එකකි.. ????


ඉරාජ්ගේ සමහන් සීන් එකද තවත් එක් හොදම උදාහරණයකි.. ඉරාජ් කරන්නේ මාකටින් ය.. මේ තියෙන්නේ සමහන් පැකට් එකක් කියා ඔහු කියන අතරේ යටින් පොඩියට ඔහුගේ සින්දුවේ ලින්කුවද දැමීමට ඔහු අමතක නොකරයි.. ඉතින් අපේ සමාජ ජාල විචාරකරුවන් ඉරාජ්ගේ සින්දුව අරහෙමයි-මෙහෙමයි කියලා උඩ දාගෙන විචාර ලියති.. ඒ උපත් පාලන කොපු යැයි ඉරාජ් නොදන්නවා ද නොවේ, සමාජ ජාල විචාර ලියන්නන් නොදන්නවා ද නොවේ, කොටින්ම කිව්වොත් අපි හැම එකාම ඒ උපත් පාලන කොපි යැයි දනිමු.. ප්‍රශ්නය වී ඇත්තේ ඉරාජ් ඒවා සමහන් යැයි පොස්ට් එකක දැමීමය.. වැරදිලාවත් ඉරාජ් ඒ පොස්ට් එකට (????) ඉමොජිය දැම්මා නම් ඒ පොස්ට් එක මෙච්චර hit වී රැල්ලක් නොසෑදෙනු ඇත.. සංගීතය අතින් ස්ථාවර මට්ටමක සිටින ඉරාජ් මාකටින් අතින්ද ඉහලින්ම සිටින බව කීමට තවත් සාධක අවශ්‍ය නැත..
ප්‍රහසනය කලාවකි, එය සිදුකරන්නේ ඇත්ත ලෝකයේ නම් ඔබට චාලි චැප්ලින් හෝ මිස්ටර් බීන් වීමට හැකිය.. එහෙත් ඔබ සමාජ ජාල තුල ප්‍රහසනය කරන්නේ නම් අනිවාර්යෙන්ම ප්‍රහසනය අදුරන පිරිසකට පමණක් ඔබේ අදහස් සීමා කළ යුතුය.. නැත්නම් ඔබද හැම මංගල්‍යම සිරා ගාන්නා ඩයල් වල මට්ටම දක්වා පහලට වැටෙනු ඇත..

Rashan Hasaranga

Posted on 20th July 2018
67 views