Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > කම්පියුටර් virus ගැන පොඩි මෙව්වා එකක්

කම්පියුටර් virus ගැන පොඩි මෙව්වා එකක්

නිකන් ආතල් එකට වගේ Computer File System සහ Viruses ගැන පොඩි පොඩි කරුණු ටිකක් උඩින් පල්ලෙන් ලියලා දානවා. මේ ගැන පොඩි හරි ආසාවක්වත් තියේනම් විතරක් මේ පොස්ට් එක කියවන්න. නැත්නම් මේක කියෙව්වට ඔයාට කිසිම වැඩක් වෙන එකක් නෑ. ?
 

*. මුලින්ම අපි බලමු මොනවද මේ වයිරස් කියන්නේ කියලා? 

අපි පරිගණකයේ භාවිතා කරන වෙනත් මෘදුකාංග වගේම තවත් එක මෘදුකාංග කොට්ඨාශයක්. වෙනසකට තියෙන්නේ මෙම මෘදුකාංග වර්ගය නිපදවීමේ මුලික අරමුණ පරිශීලකයාට පරිගණකයෙන් කරගන්න වැඩ කටයුතු පහසු කිරීම නොවෙයි. පරිගණක වයිරසයක් බොහෝ විට සිදු කරනුයේ පරිගණකයේ අනෙකුත් programmes අතර සැගව සිටිමින් පරිශීලකයාගේ වැඩ කටයුතු වලට බාධා පැමිණවීම තමයි. (ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා හිතෙනවා. :3 මේ විදියට පැහැදිලි කරලා මට හුරු නෑ ඕයි :/ ඒ නිසා මට හුරු විදියටම ඉස්සරහට කරගෙන යමු B| )

*. එහෙම වයිරස් එකක් හැදුවා කියලා වයිරස් එක හදන කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 

මෙහෙමයි. ගොඩක් වෙලාවට වයිරස් එක හදන කෙනා ඒක හදන්නේ කුමන හෝ පද්ධතියක් ඉලක්ක කරගෙන. ඒ දත්ත පද්දතිය ඇතුලේ තියෙන තොරතුරු වයිරසයේ නිර්මාතෘ අතට ගැනීම, නැතහොත් පද්ධතියේ ඇති තොරතුරු වෙනස් කිරීම හෝ තොරතුරුවලට හානි කිරීම, එසේත් නැතිනම් මුළු පද්ධතියම අකර්මන්‍ය කිරීම වගේ දේවල් සාමාන්‍ය වයිරසයක් මගින් කරන්න පුළුවන් ?

*. වයිරස් හදන්නේ කොහොමද? 

වයිරස් හදන්න වෙනම ටූල්ස් කියලා ජාතියක් මේ ලෝකේ නෑ. අපි සාමාන්‍ය program එකක් හදනවා වගේම තමයි වයිරස් එකත් හදන්නේ. ප්‍රධාන වශයෙන් assembly පරිගණක භාෂාව තමයි වයිරස් නිපදවීමට බහුලව යොදා ගන්නේ. ඇතැම් පරිගණක අපරාධකරුවන් වයිරස් නිපදවීමට pre designed tools භාවිතා කරනවා. (ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් ලියපු virus code එකකින් තමන්ට අවශ්‍ය ලෙස වයිරසයක් නිපදවාගන්න එකට) එහෙම කරන්නේ එයාලගේ කාලය ඉතුරු කරගන්න. නමුත් බොහෝ හැකර්වරුන් සතුව තමන්ගේම file signatures යොදා සකස් කරගත් virus ඒ ගොල්ලොම හදාගෙන ලග තියාගෙන ඉන්නවා. එහෙම කරන්න හේතුව ඉස්සරට යනකොට ඔයගොල්ලොන්ට තේරේවි. ඒ ඒ අය තමන්ට කර ගැනීමට අවශ්‍ය කාර්ය අනුව එකිනෙකට වෙනස් විදියේ වයිරස් වර්ග නිපදවා ගන්නවා.
වයිරසයක් නිපදවන කෙනා වයිරසය පළමුවෙන්ම ඉලක්කගත පරිගනකයකට රින්ගවන්න ඕන. මේ සදහා social engineering, torrent sharing, virus binded programs, Email Attachment, CD/DVD වැනි උපක්‍රම භාවිත කරනවා. කොහොමහරි කොම්පියුටරයක් ඇතුලට පරිගණකය රින්ගෙව්වා කියමුකෝ. ඊට පස්සේ පරිගණකය තුල එක virus එක සහිත ප්‍රෝග්‍රෑම් එක execute කරවන්න ඕන.( ඒ කියන්නේ userගේ ආධාරයෙන් හෝ වෙනත් ප්‍රෝග්‍රෑම් එකක් ආධාර කරගෙන එක වයිරස් සහිත ප්‍රෝග්‍රෑම් එක run කරවගන්න ඕන) පරිගණකය පිළිබද එතරම් අවබෝධයක් නැති පුද්ගලයෙක් නම් එක පරිගණකය බාවිතා කරන්නේ, අපට පුළුවන් ඔහු මාර්ගයෙන්ම එක වයිරස් ප්‍රෝග්‍රෑම් එක පරිගණකයට ඇතුළු කරවන්න :p 

හරි දැන් උබලට මේක කියව කියව ඉදලා හෙනට කම්මැලි බව මම දන්නවා -_- එක හින්දා වතුර පොඩ්ඩක් එහෙම බීලා ඔන්න ආයෙත් ඉතුරු ටික කියලා දෙන්න බහිනවා. උබලත් පොඩි බ්රේක් එකක් අරගෙන ඇවිල්ලා ආයෙත් කියවන්න වාඩිවෙන්න :3 


Virus ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වුනු ගමන්ම ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම කරන්නේ pc එකේ boot sector එකේ virus එක දිගින් දිගටම ක්‍රියාත්මකව පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම හදාගන්න එක. ගොඩක් virus pc එක start කරපු ගමන්ම auto run වෙන විදියට තමන්ගේ settings වෙනස් කරගන්නවා(Auto Startup on sys boot). virus එක exclude වෙන විදිය අනුවත් අපිට virus කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 

  1. 1. direct-action virus – මේ වර්ගයේ virus PC එකට ඇතුළු වුනු ගමන්ම virus එක නිර්මාණය කරපු එකා ඇතුලත් කරපුcode එක ක්‍රියාත්මක කරවනවා. ගොඩක් වෙලාවට මේ වර්ගයේ වයිරස් සදහා ram එක, processor එක ගොඩක් ගන්නවා. ඒ නිසා එහෙම ප්‍රෝග්‍රෑම් එකක් run වෙනවනම් අපිට ඒක pc එක slow වීම වගේ දේවල්වලින් අල්ලගන්න පුළුවන්.
  2. 2. silent-action virus – මේ වර්ගයේ ඒවා පරිගණකයට ඇතුළු වුනාට පස්සේ කරන්නේ user ට නොදැනෙන්න virus එකේ code එක run කරන එක. මේක ටිකක් බයානකයි. මොකද මේක කොහේ run වෙනවද කියලා සාමාන්‍ය තත්ත්ව වලදී user ට හොයාගන්න බෑ. Keylogger, ratz වගේ ඒවත් මේ වර්ගයට තමයි අයිති වෙන්නේ. දැන් නිපදවෙන ගොඩක් වයිරස් වර්ග silent-action technology එකට අනුව තමයි නිර්මාණය වෙන්නේ.

අදට මේ ඇති වගේ බං. ඔලුව රිදෙනවා. දවස් ගානකින් නිදාගත්තෙත් නෑ. කොහොමත් මේ ටියුට් එක ගැනනම් මට එච්චර සැටිස් නෑ.. :/ ඩේටත් නැති නිසා external resources මොනවත් දාන්න විදියක් නෑ. වැරදි තියේනම් ශේප් එකේ inbox පාරක් දාපල්ලා ? පස්සේ ඉතුරු කෑල්ල දාන්නම්… ?

එහෙනම් අපි කැපුනා..
ජය~/

Rashan Hasaranga

Posted on 20th July 2018
157 views