Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > ලංකාවේ සෝෂල් මීඩියා සිස්ටම් එකේ වෙනසක් වුනානම්?

ලංකාවේ සෝෂල් මීඩියා සිස්ටම් එකේ වෙනසක් වුනානම්?

අද BBC එකේ article එකක් තිබුනා social media හරහා බෙදාහැරෙන revenge porn නවත්තන්න ෆේස්බුක් සමාගමෙන් ක්‍රියාත්මකකරපු වැඩපිළිවෙලක් ගැන.. කෙටියෙන්ම වැඩේ වෙන්නේ මෙහෙමයි.. ??
– හිතපන්කෝ උබ කෙල්ලක්.. උබේ මොනවහරි පොටෝස් ටිකක්, එහෙමත් නැත්නම් වීඩියෝස් ටිකක් කවුරුහරි ඉන්ටර්නෙට් එකට ලීක්කරනවා..

– උබට කරන්න තියෙන්නේ තමන්ගේ රටේ තියන Revenge Porn Helpline එකට ඒ ගැන පැමිණිලිකරන්න.. පැමිණිලි කරනකොට අදාළ photos/ videos ටිකත් එයාලට යවන්න වෙනවා.. මේ වැඩපිළිවෙල 100%ක් සාර්ථකව වෙන්න නම් එච්චර සෙන්සිටිව් ඩේටා ටිකක් හැන්ඩ්ල් කරන්න තරම් Revenge Porn Helpline එක විස්වාසවන්ත වෙන්න ඕනි..

– ඊටපස්සේ උබේ රටේ Revenge Porn Helpline එක Facebook එක සමග කෙලින්ම සම්බන්ධවෙලා අදාළ photos/ videos ටික අයින් කරලා දානවා.. ඒ වගේම ඉස්සරහට ඒ photo එකේ හෝ video එකේ තියන දේවල් වෙන කවුරුහරි upload කරන්න හැදුවොත් ඒකත් automatically block කරනවා.. ?

මේකේ ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කරනකොට ප්‍රශ්නේ වෙන්නේ අගතියට පත්වුණු කෙනාට සිද්ධවෙනවා Helpline එක විශ්වාස කරලා තමන්ගේ nudes ටික එයාලට යවන්න.. ඒ වගේම Helpline එකට සිද්ධවෙනවා ඒ පොටෝ ටික ආයෙත් Facebook එකට යවන්න.. මේ රූට් එකේ අතරමැදදී මුණගැහෙන තමන්ගේ රටේ helpline එක 100%ක් විස්වාසකරන්න බැරිනම් අගතියට පත්වුණු කෙනා පැමිණිලි කරන්නේ නැතුව වෙනත් වෙනත් දේවල්වලට යොමුවෙන්න පුළුවන්.. සමහරවිට සියදිවි හානිකරගැනීමක් පවා වෙන්න පුළුවන්.. ඒකටත් විසදුමක් තියනවා.. ?

– Revenge Porn Helpline කියන්නේ රට රටවල්වල වෙන වෙනම ක්‍රියාත්මකවෙන රජයේ ආයතන වර්ගයක්.. දියුණු රටවල්වල රජයන් මගින් මේ ආයතන ඇතිකරලා තියෙන්නේ ඒ රටවල්වල මිනිස්සු මේ වගේ දේවල් නිසා ඇතිවන මානසික පීඩනයෙන් මුදවගැනීම අරමුණු කරගෙන.. මේ ආයතනවලට එන පැමිණිලිකරුවන් ගැන ඒ අය තනි තනිව අවධානය යොමු කරනවා.. ඒ වගේම තමන් ලගට එන අය ගැන අඩුමතරමින් මාධ්‍යවෙදියෙකුටවත් තොරතුරු ලබානොදෙන්න ඒ අය බැදීසිටිනවා.. ඒ කියන්නේ Revenge Porn Helpline ගැන 99.9%ක් ම විස්වාසය තියන්න පුළුවන්.. එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් බොහොමයක මේ ආයතන තියනවා.. නමුත් අවාසනාවකට සිරි ලංකාවේ තවමත් එහෙම ආයතනයක් නෑ.. ?

– අවසානයේදී Revenge Porn Helpline එක මගින් Facebook ආයතනයට අදාළ තොරතුරු ටික යවනවා.. එක රටකට එක වගකිවයුතු ආයතනය ගානේ ෆේස්බුක් එක partnership ලබාදෙනවා.. මේ වගකිවයුතු ආයතන හරහා එන පැමිණිලිවලට කඩිනමින් ප්‍රතිචාර දක්වන්න ෆේස්බුක් ආයතනය බැදීසිටිනවා.. එතකොට තමන්ගේ photos පිලිබඳ පැමිණිල්ල ෆේස්බුක් එකට 100%කම ලැබෙනවා කියලා ෂුවර් එක තියාගන්න පුළුවනි..

– මේ විදියට Facebook එකට ලැබෙන nudes වලට ඉස්සෙල්ලම කරන්නේ විශේෂ algorithms එකක් හරහා යවලා ඒ ඒ photo / video එකට අනන්‍ය වුනු hash එකක් generate කරගන්න එක.. මේ algorithm එක Facebook සමාගම නිපදවලා තියෙන්නේ 2017දී.. hash එක generate කරපු ගමන්ම අදාළ photos ටික තමන්ගේ servers වලින් සම්පූර්ණයෙන්ම මකලා දානවා.. ඊටපස්සේ අර hash එක තියන photos / videos හැම එකක්ම automatically ෆේස්බුක් එකෙන් අයින් අයින්වෙනවා.. ඒ වගේම කවුරුහරි කෙනෙක් ආයෙත් ඒ photo එක upload කරන්න හැදුවොත් ඒවත් hash check කිරීමෙන් පස්සේ automatically block වෙනවා.. Original පොටෝ එකට filters දාලා, emoji replace කරලා, පොඩ්ඩ පොඩ්ඩ edit කරලා upload කරන්න ට්‍රයි කරොත් ඒවත් නිවැරදිව අදුරගන්න පුළුවන් කියල ෆේස්බුක් සමාගමින් සදහන්කරලා තියනවා.. ??

මගේ අදහසට අනුව මේ සිස්ටම් එක ගොඩක් සාර්ථකයි.. පහුගිය සතියෙත් මම නිව්ස් එකක් දැක්කා photos වගයක් ලගතියාගෙන කෙල්ලෙක්ව බ්ලැක්මේල් කරපු සිද්ධියක්.. ලංකාවේ කෙනෙක්ට තමන්ගේ මොනවහරි ඉන්ටනෙට් එකට ලීක් වුනොත් ඒ ගැන කියන්න හරියට කෙනෙක් නෑ.. CERT එකට කිව්වත්, පොලිසියට කිව්වත් ඒකට හරියටම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න තරම් ඒ අයට පහසුකම් නැති අඩුවක් මම දකිනවා.. ?

Google එකේ “fuck” කියලා type කරනකොට suggestion පෙන්නන එක නතරවෙනවා.. ඒ Google එකේ “fuck” කියන වචනේ offensive word list එකට add වෙලා තියන නිසා.. එත් “hukap” කියලා type කරාට පස්සේ සිංහලෙන් suggestions එනවා ඕන තරම්.. සිංහලෙන් “හු” අකුර ගැහුවොත් ඒකටත් suggestions එනවා සුද්දසිංහලෙන්ම.. Google එකට ගිහින් “kellage” කියලා type කරාම එන suggestion ටිකයි, “girlfriend’s” කියලා type කරාම එන suggestion ටිකයි ඇති කෙනෙක්ට මෙතන තියන ප්‍රශ්නේ තේරුම්ගන්න.. ? මේ විදියට විනාසවෙන්නේ රටේ නම විතරක් නෙමයි, ඉන්ටෙර්නෙට් එකට එන පොඩි එකාගේ ඉදන් ඉස්සරහට එකතුවෙන අලුත් දේවල් හැමදෙයක්ම විනාසවෙනවා..

වැඩිදෙයක් කරන්න ඕන නෑ, විකාර ප්‍රොජෙක්ට්වලට රජය වියදම් කරන සල්ලිවලින් ලංකාවේ social media ගැන හොදට දන්න, ටෙක්නිකල් ෆීල්ඩ් එක ගැන හොද අවබෝධයක් තියන, රටේ ඒ ඒ කාලවකවානුවලට ඇතිවෙන social media trends ගැන අවබෝධයක් තියන, දෙයක් කරන්න පුළුවන්, වගකීමක් ගන්න පුළුවන්, විස්වාසවන්ත කොල්ලෝ කෙල්ලෝ පස්දෙනෙක් එකතුකරලා ටීම් එකක් හදන්න.. ? ඊටපස්සේ රජයක් විදියට ෆේස්බුක් ආයතනයට කතා කරලා ඒ අයගේ revenge porn පිලිබඳ partnership එක අර ටීම් එකට අරන්දෙන්න.. Facebook විතරක් නෙමෙයි Google, Youtube වගේ ආයතවලිනුත් මේ වගේ partnership ගන්න පුළුවන්.. ඊටපස්සේ අපිට ලංකාවේ ඇතුලේ සියදිවි හානි කරගැනීම් වලක්වන්න විතරක් නෙමෙයි, විවිධ පාර්ශවවලට අපහාස කිරීම්, අන්තර්ජාලය හරහා සිදුකරන මූල්‍යමය වංචා වගේ දේවලුත් නවත්තන්න පුළුවන්.. ???

මේ වගේ සිද්ධි සම්බන්ධව මගෙන් උපකාර ලබාගන්න සමහර දවස්වල සතියට දෙතුන්දෙනා මට කතාකරනවා.. හැමෝටම වගේ කියන්නේ CERT එකට කියන්න, නැත්නම් පොලිසියට දන්වන්න, එහෙමත් නැත්නම් යාළුවො ගොඩක් එකතුකරගෙන ඒවා report කරන්න වගේ දේවල්.. මේ පැලෑස්තර මෙතඩ් එක නැතුව, ප්‍රශ්නයක් වුනාට පස්සේ ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමවත් procedure එකක් ලංකාවේ ඇතුලේ හදලා
දුන්නනම් කොච්චර වටිනවද? කීදෙන්ගේ ජීවිත ලස්සන වේවිද..? ???

ලංකාවේ ඉන්ටර්නෙට් එක යහපත් තැනක් බවට පත්කරන්න නම් අනිවාර්යෙන්ම පාලනයක් යොදන්න වෙනවා.. ඒ පාලනය චීනයේ වගේ දැඩි පාලනයක් වෙන්න බෑ, ඒත් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත විනාසවෙන එක නතරකරගන්න පුළුවන්වෙන තරමට සුරක්ෂිත පාලන පද්ධතියක් ඇතිවෙන්න ඕන..
ඒ සඳහා රජයේ අවධානයක් යොමුවෙනවා නම් අපිත් ඕනම විදියේ උදව්වක් කරන්න ලෑස්තියි..!

Rashan Hasaranga

Posted on 20th July 2018
112 views