Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > පෙළපොතෙන් විකාර කරපු USB පලහිලව්ව

පෙළපොතෙන් විකාර කරපු USB පලහිලව්ව

“එක් USB කෙවෙනියක් මගින් විවිධාකාරයේ වූ උපාංගයන් 127ක් සම්බන්ධ කිරීමේ හැකියාව මෙහි ඇති තවත් විශේෂත්වයකි.”
මෙහෙම තිබ්බේ 10 වසරේ “තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය” පෙළපොතේ.. දැන් නම් සිලබස් වෙනස්වෙලාද දන්නැ.. ඕක අපිට උගන්නනකොට අපි තේරුම්ගත්තේ USB හරහා සම්බන්ධ කරන්න පුළුවන් විවිධාකාරයේ උපකරණ වර්ග 127ක් මේ ලෝකේ තියනවා කියලා.. ?? එත් එතකොට මම කල්පනා කරා USB පොර්ට් එකෙන් එන 5V කරන්ට් එකෙන් තව අපිට ඕන ඕන විදියට ෆෑන් එකක්, ලයිට් එකක්, ගෑස් ලිපක් වුනත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්නේ, එහෙම වුනොත් 127ට වඩා වැඩිවෙනවනේ කියලා.. ? පස්සේ කාලෙක තමයි හරියටම දැනගත්තේ ඔතන 127යි කියලා තියෙන්නේ ඇත්තටම මොකක්ද කියලා.. ?

කම්පියුටර් එකේ USB ඔක්කොම main-board එකට සම්බන්ධවෙලා තියෙන්නේ USB Bus එක හරහා.. මේ USB Bus එකේ bus width එක 7 bits.. 7 bits ඇතුලේ එකිනෙකට වෙනස් address combinations 128ක් තියනවා.. ඒ කියන්නේ කම්පියුටර් එකේ USB Bus එකට එකවර උපාංග 128ක් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න ඕනි.. ඒත් එතනින් මුල්ම එක කලින්ම වෙන් කරලා තියෙන්නේ usb device වල initial configuration වලට.. එතකොට අර 128න් 1ක් අපිට භාවිතා කරන්න බැරි වෙනවා… එතකොට ඉතිරි 127යි.. ටෙක්නිකලි, මේ තියරියට අනුව අපට එකවර පරිගණකයකට USB device 127ක් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න ඕනි.. ඒක තමයි අර පෙළ පොත් ලියපු කෙනා ඔලුව විකාර වෙන විදියට කියලා තියෙන්නේ.. ?

එත් ඇත්ත ලෝකෙදි අපට කවදාවත් USB Device 127ක් එකම mother board එකකට සම්බන්ධ කරන්න අමාරුයි.. සාමන්යෙන් USB device එකකට 500mA දක්වා කරන්ට් එක USB port එකක් හරහා request කරන්න පුළුවන්.. එත් වෙනම පිටින් power *නොදෙන USB Hub එකකින් ලබාදෙන්න පුළුවන් උපරිම කරන්ට් එක 400mA විතරයි.. එතකොට Power Problems නිසා USB හැමඑකටම අවශ්‍ය විදියට කරන්ට් එක ලබාදෙන්න බැරි වෙනවා.. පිටින් වෙනම කරන්ට් එක ලබාදෙන්න හැකියාවක් තියන HUBs පාවිච්චි කරලා මේ ප්‍රශ්න මගහැරගන්න පුළුවන්.. එත් මේ විදියට USB 127ක් සෙට් කරොත් Bandwidth එක වුනත් මදිවෙන්න පුළුවන්.. එක device එකකින් HD Video එකක් play කරනගමන් තව device දෙකක් හරහා file copy කරන්න ගියොත් කම්පියුටර් එකේ USB Bus එක overload වෙන්න ඉඩ තියනවා.. ?

ඒ නිසා පරිගණකයකට plug කරලා තියන USB Device ගණන වැඩිවෙන්න වැඩිවෙන්න ඊට සමාන්තරව ඒවායේ performance අඩුවෙන්න ඉඩතියනවා..

Rashan Hasaranga

Posted on 20th July 2018
106 views