Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > සාමාන්‍ය ලෙස සිදුවන ‘අසාමාන්‍ය’

සාමාන්‍ය ලෙස සිදුවන ‘අසාමාන්‍ය’

දැන් කාලේ ගැහැණු ළමයෙක් සාමාන්යෙන් අවුරුදු 15-16 න් කොල්ලෙක් එක්ක යාළුවෙනවානේ.. ගොඩක් වෙලාවට ඇත්තටම ඒ ආදරේක අවශ්‍යතාවයට නෙමෙයි.. ???? 

එහෙම කෙල්ලෙක් එක්ක පොඩ්ඩක් ෆිට් වෙලා අහලා බැලුවොත් තේරෙන එකම දේ, ඒ අය එහෙම කරන්නේ තමන්ටත් කොල්ලෙක් ඉන්නවා කියලා රටේ ලෝකේ උදවියට පෙන්නන්න.. රැල්ලට.. කොහොමහරි ඒ විදියට යාලුවෙන්නෙත් තමන්ට වඩා අවුරුදු ගානක් වැඩිමල් කොල්ලෙක් එක්ක, එක්කෝ උගේ බයික් එකට, නැත්නම් උගේ හමේ පාටට, නැත්නම් යාලුවොන්ට, ඒත් නැත්නම් සල්ලි වලට තියෙන කෑදරකම..  ඔය හතරම නැත්නම් අනිවා ඌ ජිම් ගිහිල්ලා ඇග හදන පොරක් වෙන්න ඕන.. දැන් මේකේ ඉන්න නංගිලා කියයි නෑ නෑ අපි එහෙම නෑය, අපි බලන්නේ හැදියාවයි අරකය මේකය කියාලා.. ඒ වුනාට හිතේ කොනකින් හරි අරවා ගැනත් හිතුවා නේද.. හා නැද්ද කියන්නකෝ.. ????

ඒක වයසේ වැරැද්ද.. හා ද? ???? කොහොමහරි ඒ කාලේදී උන්ගේ හිත් ඇතුලේ තියෙන්නේ බොලද හීන.. මේ ආදරේ තමයි තමන්ව කවදාහරි බලාගන්නේ, තමන්ගේ අම්මා තාත්තව නඩත්තු කරන්නේ, තමන්ගේ අනාගතය වෙන්නේ කියලා හිතනවා.. එතකොට නිකන්ම අර කොල්ලා වීරයෙක් වෙලා ඉවරයි.. ඉතින් ඌ ගහන ගහන පදේට කෙල්ල නටනවා.. මුල් කාලේදී ඕන නම් කෙල්ල කියන කියන විදියට අරූ ඉදිවී.. ඊට පස්සේ ඉතින් තාලේ අල්ලන්නේ කොල්ලා.. දවසක උන් දෙන්නගේ ඒ අවංක අකලංක කුලුදුල් ආදරේ නාමයෙන් රුපියල් 300ට මාකට්වෙන හුන්ඩුවක් විතර කාමරේක ඇදක් උඩ හාන්සි කරවලා යටිබඩ අතගානවා.. අර අයියගේ අවංක ආදරෙන් ඉල්ලන දෙයක් නිසා, නන්ගිගේත් අවංක සෙනෙහස නිසාම ගොඩක් වෙලාවට ඒ වගේ දෙයක් තමයි අන්තිමට සිද්ධවෙන්නේ.. එතනින් පස්සේ ඒ සම්බන්ධතාවයේ තෘප්තියක් නෑ දෙන්නටම, හදවතට ආදරේ කරත්, ඇගට ආදරේ කරත් අර දවසින් පස්සේ දෙන්නා අතර ප්‍රශ්න ඇතිවෙනවා මිසක්, ශාරීරිකව එකතු වීමකින් පස්සේ ආදරේ තව වැඩි වෙනවා කියලා කවුරුහරි කියනවා නම් ඒකා හෝ ඒකි ඇවිල්ලා අමුම අමු හරකෙක්.. එතනින් පස්සේ ඒ සම්බන්දෙ ඕන නම් උපරිම මාස තුනක් තියේවි.. ඒකත් රටේ ලෝකේ නැති ප්‍රශ්න එක්ක.. ????

ඊට පස්සේ අර කොල්ලගේ පස්සේන් කෙල්ල යනවා වැද වැටීගෙන.. ගහලා ඉවරවුණු බෝතල්වලින් කොල්ලට ඇති වැඩක් නෑ, ඊට පස්සේ කෙල්ලටත් ‘ආදරේ’ කියන දේ එපාවෙලා යනවා.. එහෙම එපා වෙන්නේ ‘ආදරේ’ කියන වචනේ පටලවාගෙන වෙන මගුලක් කරන්න ගියපු නිසා.. ඊටපස්සේ ආයේ තව කෙනෙක්ට ආදරේ කරන්න කෙල්ල බය වෙනවා.. තව කොල්ලෙක් ආදරේ කරන්න අවසර ඉල්ලුවත් ඒ කෙල්ල ආයේත් අවසර දෙන්නෙ නැති තරම්.. කොහොමහරි කාලයත් එක්ක තව කොල්ලෙක් සෙට් වෙනවා.. සාමාන්යෙන් පිරිමියෙක් කැමති නැහැ තව කොල්ලෙක් ඇගිල්ල ගහපු එකක් තමන්ගේ වගේ ලග තියාගෙන ආදරෙන් බලාගන්න.. වෙන එකෙක් හාපු කුඹුරක සින්නක්කර වපුරන්න කැමති මොන කොල්ලද..! ඔය නිසාම අන්තිමට අර කෙල්ල ‘සැප ගන්න ලගින් තියාගෙන ඉන්න එකක්’ බවට පත් වෙනවා.. ඌටත් ඒ කුඹුර මඩ කරලා එපා වුනු දවසට ඌත් ඒකිට ‘බඩුව’ ලේබල් එක ගහලා යන්න යනවා..

එතනින් එහාට ඒ කෙල්ලගේ ජීවිත කතාව බාගෙට බාගයක් ඉවර වෙනවා, සමහර විට බෙල්ලේ එල්ලගත්ත ලේබල් එකත් එක්ක වටේ යන්න පටන්ගනීවී.. නැත්නම් සදා තනිකඩයි.. ????

ඔය අතරේ කෙල්ල ගැන සාධාරණ විදියට හිතලාබලලා, සමාව දීලා ආයෙත් ඒ කෙල්ලට ජීවිතේ දෙන්න බලාගෙන ඉන්න රත්තරන් පිරිමි ජාතියකුත් ඉන්නවා.. ???? ඒක කෙල්ලගේ වාසනාව වෙන්න පුළුවන්.. ගිනි පෙල්ලෙන් බැට කාළා ජීවිතේ විනාසකරගත්තු එකියක් කණාමැදිරි එළියටත් බයවෙනවා නොවැ.. .ඒ නිසා මේ අවස්ථාවත් මගහැරිලා යන්න පුළුවන්.. ????

“කොහොමරි, මට කියන්න ඕන වුනේ ජීවිතේ අපායක් කරගත්තු කෙල්ලෙක්ගෙ චරිත කතාවක් නෙමෙයි නංගියේ.. ඔයා ලග තියෙන වටින දේවල් නැති කරගන්න කලින් හොදට හිතන්න.. මේ ලෝකේ අමාරු ජීවත් වෙන්න නෙමෙයි, ජීවත් වෙන්න සුදුසු විදියට තමන්ගේ තැන හදාගන්නයි.. කොල්ලෝ වගේ නෙමෙයි උබලා, එක තැනක් වරද්දගත්තොත් ජීවිතේ විදවන්න තියෙන ඉඩකඩ වැඩියි.. අද්දැකීම් ලබාගෙන ඒවා එක්ක සම්පූර්ණ වෙන්න.. ඊට පස්සේ අම්මලා තාත්තලාගේ ආශිර්වාදය එක්ක ලොකු ගමනක් උබට යන්න පුළුවන් වේවි.. අන්න ඒ දවස වෙනකන් ඉවසපන්, එදාට ඌට උබව කුමාරිකාවක් කරන්න පුළුවන් වෙයි..!
“තන්හාවට කඩාගන්නේ ආසාව නිසා, පරිස්සමෙන් බලාගන්නේ ආදරේ නිසා..” <3

– උබේ ආදරණීය ලොකු අයියා

Rashan Hasaranga

Posted on 20th July 2018
91 views