Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > Facebook backup අලුත් වෙලා

Facebook backup අලුත් වෙලා

මම අද මේ එකවුන්ට් එකෙන් ෆේස්බුක් backup එකක් request කරලා Download කරගත්තා.. ඒ කාලේ අවුරුදු 6ක් විතර හිටපු ෆේක් එකවුන්ට් එකේ සම්පූර්ණ backup size එකම තිබ්බේ 130mb විතරයි.. අද අවුරුදු දෙකහමාරක් විතර පරණ මේ එකවුන්ට් එකේ backup එක විතරක් 1.30gb වෙලා තිබුනා.. ??
* ඉස්සර තමන් වෙන අයගේ පොස්ට් වලට දාපු කමෙන්ට්ස් අපේ backup එකට එන්නේ නැති වුනාට අලුත් backup එකේ අපේ පොස්ට්වලට අපි දාපු කමෙන්ට්, වෙන අයගේ පොස්ට් වලට අපි දාපු කමෙන්ට් වගේම group post වලට අපි දාපු කමෙන්ට් ඔක්කොමත් එනවා.. ❤️
* වෙන අයගේ පොස්ට්වලට / කමෙන්ට්වලට react කරපු ඒවා reactions එක්කම පෙනන්නවා…. (love, haha, sad, angry, wow) ?
* ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක විතරක් වෙනුවට අපි request යවපු අය, අපේ waiting list එකේ ඉන්න අය, ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් reject කරපු අය, Unfriend කරපු අය වෙන වෙනම පෙනන්නවා..?
* Follow කරන pages විතරක් නෙමෙයි un-follow කරලා තියන pages ටිකත් වෙනම පෙනන්නවා..
* Messenger හරහා සිදු කරපු conversations හැම එකක්ම සම්පූර්ණයෙන්ම පෙනන්නවා send කරගෙන තියන photos එක්කම.. ❤️?
* ප්‍රොෆයිල් එකේ Save කරලා තියන items හැමදෙයක්ම backup එකෙත් පෙන්නනවා..
* අපි vote කරලා තියන polls ටික votes එක්කම පෙනන්නවා..
* ප්‍රධාන වශයෙන්ම අපේ cookies හරහා facebook එකෙන් හදුනාගනිපු ad topics ටික අපි Interact වෙලා ඉන්න advertisers ලත් එක්කම පෙන්නනවා.. මාක් අයියට කේස් ගියෙත් ඕක නිසානේ… ?
* ඉස්සර Account Logs කියලා එකගොඩේ පෙන්න්නපු logs ටික අලුත් backup එකේ IP Addresses, Account Status Changes, Logins and Logouts, Authorized Logins, Administrative Records කියලා වෙන වෙනම පෙනන්නවා.. ?

මේ වගේ ගොඩක් වැදගත් දේවල් අලුත් backup වලට ඇතුලත් කරලා තියනවා.. මීට අමතරව Phone calls, Messages වගේ කලින් backup වල තිබුණු දේවලුත් ඒ විදියටම අලුත් backup එකෙත් තියනවා.. පරණ backup එකේ වගේම අලුත් backup එකෙත් Notes බැකප් වෙන්නේ නෑ.. ඒ අඩුව තාමත් ඒ විදියටම තියනවා… අලුත් backup වල මම දැකපු වැදගත්ම දේ තමයි html format එකෙන් වගේම developersලට ගොඩක් ඕන වෙන JSON format එකෙනුත් backup එක ලබාගන්න පුළුවන් එක..?
ඒ අතින් නම් fb එක පට්ටයි… ❤️

Rashan Hasaranga

Posted on 20th July 2018
111 views