Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > Nvidia Titan V එකේ විස්තර

Nvidia Titan V එකේ විස්තර

Titan X කියන්නේ ලෝකේ හොදම Graphic Card අතර මුල් ස්ථානවල තිබුනු සුපිරිම Grapic Card එකක්.. Titan සීරීස් එකේ අලුත්ම Graphic Card එක Nvidia Titan V (හෙවත් Titan Volta) අද release කරලා තියනවා.. ඒත් එක්කම මේ වෙනකන් තිබුනු හොදම Graphic Card එකේ වාර්තාව අලුත් Titan V වල පෆෝමන්ස්වලට ⁣වෙනස් කරන්න පුලුවන්වෙලා තියනවා..
ට්‍රාන්සිස්ටර් බිලියන 21කින් බලගැන්විලා තියන Titan V Graphic Card එකෙන් කලින් තිබුනු “Titan X” Graphic Card වගේ x9 ගුණයක පෆෝමන්ස් ගන්න පුලුවන් කියලයි Nividia company එක කියලා තියෙන්නේ.. නවතම Deep learning code architecture එක්ක Teraflops 110 ක බලයක් නිපදවන්නත් මේකට පුලුවන්කමක් තියනවා.. එහෙම බැලුවොත් මේ graphic card එක නිතර⁣ගෙන්ම ලෝකයේ හොදම graphic card එක බවට පත්වෙනවා..
Nvidia Titan සීරීස් එක Computer Gaming වලට වඩා ගොඩාක්ම භාවිතා වෙන්නේ Scientific Experiments වලට සහ High performance researches වලට.. Titan එකේ තියන සුවිශේපී සැකසුම් වේගයත් එක්ක මේ වගේ graphic card එකක් gaming වලට භාවිතා කරනවා කියන්නේ ලොකු අසාධාරණයක්.. මෙච්චර කාලයක් කෘතීම බුද්ධිය නිපදවීම සම්බන්ධයෙන් පවා විද්‍යාඥයින්ට මුහුණදෙන්න සිදුවෙලා තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි වඩාත් ඉක්මනින් නිවැරදිව instructions, archetectures, numeric formats වගේ දේවල් ගණනය කරගන්න තරම් powerfull GPU එකක් නැති එක.. ඒත් අද එලිදක්වපු මේ Titan V graphic card එකෙන් අර තිබුනු ප්‍රශ්⁣නයත් විසදෙනවා කියලයි Nvidia company එකෙන් කිව්වේ.. මේ අලුත් Titan V GPU එකේ තියන සුවිශේෂී හැකියාවන්ගෙන් නිපදවෙන අලුත් අලුත් නිර්මාණ බලන්නත් තමන් ඉතාමත් නොඉවසිල්ලෙන් ඉන්නවා කියලා Nvidia කම්පනි එකේ ⁣CEO සදහන්කරලා තියනවා.. Nvidia website එකේ 12GB Graphic Memory තියන Titan V එකක මිල සදහන් වෙලා තියෙන්නේ $2999 (රු. 460,000) ක් වගේ ගානකට..
===========================
Footprint :- Teraflop එකක් කියන්නේ මොකක්ද..?
Computer එකක වේගය මනින ඒකකයකට තමයි flop එකක් කියන්නේ.. ඒක අපි සාමාන්‍ය processor එකක වේගය මනින්න භාවිතා කරන හර්ට්ස් (Hz=> MHz, GHz) වගේම ඒකකයක් තමයි මේකත්..
Teraflop එකක් කියලා අදහස් කරන්නේ flop එකක් සදහා ගතවෙන කාලය තත්පර දශම මිලියන-මිලියනයක් (10^12) සදහා අගය.. කොටින්ම කිව්වොත් Teraflop එකක speed එකක් තියන කම්පියුටර් එකකට එක් ආවර්ථයක් සිද්ධකරන්න ගතවෙන්නේ තත්පර දශමස්තාන 12ක් හෙවත් තත්පර 0.000000000001 ක් වගේ පොඩිම පොඩි කාලයක්.. Teraflops 110ක් කියනකොට හිතාගන්න පුලුවන්නේ..? 
===========================
ලිව්වේ – රෂාන් හසරංග 

Rashan Hasaranga

Posted on 20th July 2018
144 views