Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > හේතුවක් නැති සටහනක්

හේතුවක් නැති සටහනක්

නැති බැරි එකාව හුස්ම ගන්න බැරි තැනටම හිර කරලා ආත්මය පිටින්ම විකුණලා වැඩක් ගන්න බැරිවුනු දවසට සාපලත් ජීවිතයක් කියලා මරලා වලළනවා මිසක් එහෙම එකෙක්ට උදවු කරලා ඌව උඩට ඇදලා ගන්න අත දෙන එකෙක්ව උබලා දැකලා තියනවද..? තමන්ගේ දරුවෙක්ගේ අසනීපයක් නිසා ඒකට බෙහෙත් කරගන්න හිගාකන අසරණ තාත්තා කෙනෙක් බස් එකට නැග්ගත් ⁣සෙට් එකේ සද්දෙ තව වැඩි කරනවා මිසක් ඒ විනාඩි දෙකට සද්දෙ චුට්ටක් අඩු කරලා අර මිනිහට සහයෝගයක් දෙන ඩ්‍රයිවරයෙක් උබලා දැකලා තියනවද..? සමාජේ පට්ට විසයි.. උබ පාරේ ඇවිදිද්දි සපත්තුවක් කැඩුනත් පස්ස නොබලා දුවපන්.. නැත්නම් ඒක හදාගන්න පහත්වෙන ටිකටත් තව එකෙක් ඇවිත් උබට අරීවී.. ⁣එහෙම සමාජයක අපි මේ සධාරණත්වයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි කියලා වචන දෙක තුනක් ගැන මහා ලොකු ටෝක්ස් දෙන්නේ..

පොඩි එකෙක් ඉස්කෝලෙකට දාගන්න ගියත් එතනදී බලන්නෙ පොඩි එකාගෙ අම්මගෙ හැකියාව නම්, ළමයි හාමතේ ඉදිද්දිත් අන්තිම ඔට්ටුව හරි දිනන්න හදන්නේ ගෙදර ගෑනිව උකස් කරලා නම්, තමන්ගෙ ලෙයින් හැදුනු කෙල්ලවත් එක වෙලාවකට තමන්ගෙ ගෑනි වගේ පේනවා නම්, කෙල්ලෙක් බස් එකට නගිනකොට අනිවා ජැකක් සෙට් වෙන බව දැන දැන නගින්න වෙනවා නම්, අල්ලපු ගෙදර එකී උ⁣බේ ළමයට වඩා හොදට පාඩම් කරලා ඉගනගන්න නිසා උබට කරන්න තියන එකම දේ මහා හයියෙන් ⁣සිංදුවක් දාන එක නම්,

ඒකද උබලගේ මනුස්සකම.. ඒකද මහලොකු බෞද්ධකම..? අනේ නිකන් පළයන් බං යන්න.. තියන දහජරා වැඩ හැම එකම කරලා ඉවරවෙලා පෙරහැරේ ඉස්සරහින්ම ගිහින් පූජ වට්ටියට රත්තරං මාල පූජා කරා කියලා අමුතුවෙන් පිනක් ලැබෙන්නෙ නෑ මහත්තයෝ.. හිතලා බලපන්.., බුදුන්ගේ දේශ⁣ය කිව්වට පන්සිල් පද පහවත් එක දවසක්, පැය විසිහතරක් රකින්න පුලුවන් එකෙක් මෙහේ ඉතුරුවෙලා ඉන්නවද කියලා.. මේ තියන විකෘති වෙච්ච සමාජ ක්‍රමය අස්සෙ උබට ආදරය, සෙනෙහස, කරුණාව කියලා හැගීමක් ඇති වුනොත් උබ පට්ට වාසනාවන්තයෙක්.. ඒත් මතක තියාගනින්, උබට මේ සමාජේ ඇතුලේ තවදුරටත් ජීවත්වෙන්න තියන ඉඩකඩ හරිම අඩුවෙයි එදයින් පස්සෙ..

අත් දෙකක් තියනවනේ.. එකක් පාවිච්චි කරපන් උබට බේරෙන්න.. අනිත් අත පාවිච්චි කරපන් තව එකෙක්ට උදවු කරන්න.. නැත්නම් අපිට කවදාවත් කිසි ගැලවීමක් නෑ..

Rashan Hasaranga

Posted on 20th July 2018
63 views