Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > ජංගම දුරකතනවලින් DARK WEB යන්න එපා..!

ජංගම දුරකතනවලින් DARK WEB යන්න එපා..!

පහුගිය ටිකේ Deep Web සහ Dark Web ගැන ලොකු කතිකාවතක් ලංකාවේ අය අතර ඇති වුනා.. ඒ නිසාම දැන් හුග දෙනෙක් තමන් එදිනෙදා පාවිච්චි කරන ජංගම දුරකතනවලින් පවා Dark Web වලට යන්න පුරුදු වෙලා ඉන්නවා.. විශේෂයෙන්ම Android බාවිතා කරන අය Orweb + Orbot / OrFox වගේ විවිධ tunneling උපක්‍රම වලින් Dark වෙබ් වලට පිවිසෙනවා.. නමුත් මේකේ ලොකු ගැටළුවක් තියනවා.. ???? ඔයගොල්ලෝ පරිගණකයකින් Tor Browser එක උපයෝගී කරගෙන එක පාරක්හරි Deep Web වලට පිවිසිලා තියනවා නම් දැකලා ඇති Tor Browser එක හැමවෙලාවෙම Open වෙන්නේ අපේ Computer Screen එකේ පැත්තකට වෙන්න.. ඒ Browser එක කවදාවත් Full Screen / maximize වෙලා Open වෙන්නේ නෑ.. ඒකට හේතුව එහෙම වුනොත් අපේ Monitor Size එක සහ resolution එක අදාළ Deep Web Site වලට දැනගන්න පුළුවන් වෙන එක.. හැමවෙලාවකම අපේ Monitor Resolution එකට වඩා අඩු width එකකින් tor browser එක Open වෙන්නේ මේ විදියට අපිව අදාළ Web Site වලටවත් Track කරන එක අපහසු කිරීමේ අරමුණෙන්.. නමුත් TOR Browser එක භාවිතා කරන ගොඩදෙනෙක් මේ ගැන දන්නේ නැහැ.. අනිත් දවසේ පුරුද්දට වගේ Tor එකත් full screen දාගන්න එපා.. ඒක Deep Web වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ඒත් ඔයා Dark Web වලට යන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.. ????
//*Deep Web සහ Dark Web අතර තියෙන්නේ පොඩි වෙනසක්..
Deep Web කියන්නේ Google වගේ Public Search Engine එකකින්වත් Crawl කරන්නේ නැති .onion TLD එක තියන ඕන Service එකකට..
Dark Web කියන්නේ Deep Web ඇතුලේ තියන තවත් එක පැත්තක්..මේවා ඇතුලේ තමයි ලෝකේ කොහෙන්වත් හොයාගන්න බැරි content තියෙන්නේ.. කුලියට මිනීමරන ඒවා, Live request කරාට පස්සේ තමන් ලග ඉන්න සුරතල් සතුන්ව මරලා පෙන්නන ඒවා, බාලවයස්කාර ළමයි දූසනය කරන ඒවා, Database ලීක් වෙන ඒවා, දේශපාලනික පලිගැනීම්වල Underground Discussion සහ Red Rooms වගේ ගොඩක් දේවල් තියෙන්නේ.. ???? *//
දැන් තේරෙනවා ඇතිනේ ඇයි මම ජංගම දුරකථන වලින් Dark Web යන්න එපා කිව්වේ කියලා.. Tor හරහා Anonymous Server පහ හයක් නෙමෙයි, දාහක් දෙදාහක් හරහා අපිව Tunnel කරත් අපේ Screen Size එක සහ User-Agent String එක අදාළ Web Sites වලට දැනගන්න පුළුවන්… ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ කවදාහරි අර වගේ අපි Visit කරපු Web Site එකක් FBI එකෙන් වගේ Down කරාට පස්සේ.. Deep Web වල Data Crawl කරන Robots ලා ඉන්නේ උපරිම දහයක් – පහළොවක් විතර.. ඒ නිසා අපි යන හැම Link එකම, අදාළ Web Site වලින් track කරනවා කිසිම බාධාවකින් තොරව..
අනෙක Deep Web වලට යන්න මේ වගේ Mobile Apps භාවිතා කරන්නේ ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටවල් කීපයක් විතරයි.. මේවා යුරෝපා රටවල්වල තහනම් කරලා තියෙන්නේ මේක ලොකු ගැටළුවක් නිසා.. ඒ නිසා තවදුරටත් ජංගම දුරකථන Dark Web වලට පිවිසෙන්න යොදාගන්න එපා.. කරුණාකර මේකෙ තියන බැරෑරුම්කම ගැන අනිත් අයවත් දැනුවත් කරන්න.. ????
===============
=[((රෂාන් හසරංග))]=

Rashan Hasaranga

Posted on 20th July 2018
79 views