Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > Google කියන්නේ search engine එකක් කියලා අපි හැමෝම දන්නවා.. ඒත් ඒකෙන් හරියට වැඩ ගන්න අපි දන්නවද?

Google කියන්නේ search engine එකක් කියලා අපි හැමෝම දන්නවා.. ඒත් ඒකෙන් හරියට වැඩ ගන්න අපි දන්නවද?

1). Google search engine එක case sensitive නෑ.. ඒ කියන්නේ අපි ‘Sri Lanka President’ කියලා ටයිප් කරත් ‘sri lanka president’ කියලා ටයිප් කරත් අපිට ලැබෙන්නේ එකම result එක..
2). @#%^*()=[]\ විරාම ලකුණු කිහිපය Google search එකෙන් නොසලකා හරිනවා.. මේ විරාම ලකුණු type කරත්, නොකරත් අපිට ලැබෙන result එකේ කිසිම වෙනසක් වෙන්නේ නෑ..

3). අපිට ඕන වුනොත් යම්කිසි keyword එකකින් එක වචනයක් පමණක් නොසලකා හරිමින් result ලබාගන්න, උදාහරණයක් විදියට Jaguar කියන්නේ ව්යාග්‍රයට.. ඔබ දන්නවා jaguar කියලා මෝටර් රථ සමාගමකුත් තිබෙනවා කියලා.. අපි නිකන් jaguar කියලා සර්ච් කරොත් අපිට එන්නේ ව්යාග්‍රයන් ගැන විස්තර… ඒ වගේ වෙලාවට අපිට පුළුවන් jaguar(space)-animal කියලා search කරන්න.. එතකොට (-) ලකුණෙන් පස්සේ තිබෙන වචනයට අදාළ තොරතුරු ගූගල් විසින් නොසලකා හරිනවා.. ඉතින් අපි jaguar -animal කියලා search කරොත් අපිට ලැබෙන්නේ jaguar මෝටර් රථ පිළිබඳ විස්තර පමණයි..! ????

4). අපිට යම්කිසි වචනයක සමාන පදවලට තිබෙන තොරතුරුත් එකවර ගන්න අවශ්‍ය වුනොත්, උදාහරණක් විදියට… Mother’s day කියලා අපි search කරොත් අපිට එන්නේ Mother’s day කියලා තියන pages වල රිසාල්ට් විතරයි.. ඒ වගේ වෙලාවක අපට අවශ්‍ය නම් Mom’s day, Parent’s day, Mommy’s day කියන හැම වචනයක්ම තියන පිටු වල result එකවර ලබාගන්න අපට පුළුවන් ~Mother’s day කියලා search කරොත්.. එතකොට (~) ලකුණට පස්සේ තියන වචනෙට අදාළ හැම සමාන පදයකම රිසාල්ට් ටික අපේ රිසාල්ට් එකට එනවා.. ????

5). අපට ඕන නම් යම්කිසි ප්‍රදේශයක මේ වෙලාවේ තිරගත වෙන චිත්‍රපටි සහ චිත්‍රපටි ශාලා ගැන විස්තර බලාගන්න.. අපිට පුළුවන් movies කියලා ටයිප් කරලා තමන්ට අවශ්‍ය නගරයේ නම හෝ තමන්ට අවශ්‍ය නගරයේ zip/postal code එක ටයිප් කරලා සර්ච් කරන්න.. උදාහරණයක් විදියට Movies Kandy හෝ Movies 81455 කියලා සර්ච් කරොත් අපිට පුළුවන් නුවර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට තිරගත වෙන චිත්‍රපටි ගැන විස්තර ලබාගන්න..????

6). අපිට යම්කිසි පරාස දෙකක් අතර විස්තර ලබාගන්න ඕන නම් ඩොට් දෙක (..) පාවිච්චි කරන්න පුළුවන්..
උදාහරණ පෙන්නුවොත් මේ වගේ :- Sony TV $300..$500 / Movies 1950..1990 / Cars ‘300.. horsepower’

7). අපට මේ වෙලාවේ මොකක්හරි රටක වෙලාව දැනගන්න ඕන නම් time + අදාළ රටේ නම ටයිප් කරන්න.. time america වගේ…

8). අද දවසේ විදේශ විනිමය හුවමාරු අනුපාතය ලබාගන්න ඕන නම්, [currency 1] in [currency 2] විදියට ටයිප් කරන්න.. උදා : usd in lkr

9). අපි ebay, amazon වගේ අන්තර්ජාල වෙලදපොලකින්, එහෙම නැත්නම් පිටරට ඉන්න කෙනෙක්ගෙන් මොනවහරි දෙයක් ලංකාවට ගෙන්නනවා නම් අපට හම්බවෙනවා tracking number එකක්.. අපිට ඒ භාණ්ඩය දැන් තියෙන්නේ කොහෙද, ඒක එන්න තව කොච්චර කල් යාවිද වගේ දේවල් බලාගන්න පුළුවන් Google search එකේ නිකන්ම තමන්ට හම්බවුනු tracking number එක ටයිප් කරලා.. උදා:- 245999W9TBHJ9965 (මේක වැඩ කරන්නේ United Parcel Service, United States Postal Service සහ FedEx කියන postal service හරහා එවන භාණ්ඩවල tracking numbers වලට පමණයි.. ????)

10). අපිට යම්කිසි වචනයක තේරුම දැනගන්න ඕන වුනොත් [define: + වචනය] type කරන්න.. උදා :- define: country.
ඔක්ස්ෆර්ඩ් ඩික්ෂෙනරියේ වගේ result ටික එනවා.. ????

11). Flights වල වෙලාවන් හරියටම දැනගන්න ඕන නම්, මේ වෙලාවේ flight එක කොහෙද තියෙන්නේ වගේ දේවල් ගැන දැනගන්න ඕන නම් අපිට පුළුවන් [Airline එකේ නම + Flight number එක] විදියට search කරන්න.. උදා :- Air china 1145. ඊලග ෆ්ලයිට් එක තියෙන්නේ කීයටද, ගමනාන්තයට ලගාවෙන්නේ කීයටද වගේ ගොඩක් විස්තර මේකෙන් අපිට ලබාගන්න පුළුවන්..
=============================
අදට මේ ඇති… ඔයගොල්ලෝ දන්න ඒවත් අනිත් අයත් එක්ක බෙදාගමු..
සුබ දවසක්~!
රෂාන් හසරංග 

Rashan Hasaranga

Posted on 20th July 2018
102 views