සෝෂල් සෙලිබ්රිටි කෙනෙක් වෙන්න දගලන මල්ලි කෙනෙක්ගේ wall එකක් දැකලා සිරි ලංකාවේ blog ලියන උදවිය ගැන දුක හිතුනා සත්තකින්ම.. ???????? බ්ලොග් ලියන අය මහන්සි වෙලා කරුණු හොයලා හෙන කට්ටක් කාලා අකුරු කරන දේවල් මිනිහා එහෙම්මම copy-paste කරගෙන තමන්ගේ නම යටින් කොටාගන්නවා.. ???? අපි ලියන පොස්ට් එකක් උස්සලා දැම්මට කිසි ප්රශ්නයක් නෑ, මොකෝ internet එකේ අපි ලියලා දාන ඒවා ගැන අපිටවත් copyright හම්බෙන්නේ නෑනේ.. එහෙම දානව නම් පොස්ට් එක ලියපු එකාට ගරු කිරීමක් වශයෙන්වත් ලියපු එකාගේ නමත් එක්කම උස්සලා දාපන්.. ඒක ප්රශ්නයක් නෑ.. ඒත් බ්ලොග් වල ලියපුවයි, එළකිරියේ දාපු ලිපියි උස්සලා තමන්ගේ වගේ නම දාගෙන පොස්ට් කරන එක නම් කැතයි මල්ලි ඈ.. ඒ මදිවට මිනිහම wall එකේ පොස්ට් දාගන්නවා ඊලග පොස්ට් එකට ලියන්න අදහසක් කියන්නකෝ, ඊලග පොස්ට් එකට like අච්චාරවත් තිබ්බේ නැත්නම් වැඩක් නෑ වගේ.. මොන ජීවිතද බං මේ.. ???? ඔයිට වඩා හොදයි අර පිටකොටුවේ බෝ ගහ යට ඉන්න ගෑනු ටික.. උන් අඩුමතරමේ රෙස්පට් පිට ඉන්නවා.. මේ මොන සල්ලං හාල්පාරුවෙක්ද.. ???? මං වෙන username එකකින් එළකිරියේ ඉන්න කාලේ ලියපු ලිපියකුත් මිනිහා ලස්සනට copy-paste කරලා තියනවා දැකලා මම ඇහුවා විස්තරේ.. ඌ කියාපි ඌ තමයි ඒ ලිපිය එළකිරියටත් දැම්මේ, තමුසේ කොහොමද ඒ ගැන මගෙන් ප්රශ්න කරන්නේ කියලා.. මාත් ඉතින් නිකන් පොඩි උන්ව ෆෝම් කරන්න ඕන්නැති නිසා කට වහගෙන හිටියා.. විනාඩි දෙකකට පස්සේ බැලින්නම් ඌ මගේ කමෙන්ට් ඒකත් delete කරලා, මාවත් unfriend කරලා.. ????අනුන්ගේ ඒවා උස්සලා දාලා පොරක් වෙන්න බෑ බන්, තමන්ටම ආවේනික වුනු රටාවක් හදාගෙන වැඩක් ඇති දෙයක් ලියලා දාපන්.. එතකොට අපිත් උදවු කරන්නම්..