Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > ෆේස්බුක් නිරුවත් ඡායාරූප සම්බන්ධ නීති (Account disable වෙන සීන් එක)

ෆේස්බුක් නිරුවත් ඡායාරූප සම්බන්ධ නීති (Account disable වෙන සීන් එක)

අපේ අයට තියෙන ප්‍රශ්නයක්නේ ලංකාවේ මොකක්හරි leak වෙච්ච මගුලක් post කරගමන් එකවුන්ට් එක disable වෙන එක.. එහෙම නැත්නම් page එක unpublish වෙනවා.. සමහර අය කොච්චර ඒ වගේ photo දැම්මත් මොනවත් වෙන්නේ නැහැ, සමහරු ඒ වගේ photo එකක් facebook එකට upload කරනකොටම අනිත් පැත්තට warning එක හම්බෙනවා…

+ පලවෙනි කාරණේ, Facebook support center එක 90%ක් ම automatic. ඒ කියන්නේ අපි report කරන ඒවා ෆේස්බුක් එකේ ඇතුලේ වැඩ කරන කවුරුවත් හොයලා බලලා අයින් කරන්නේ නැහැ, ගොඩක් වෙලාවට ඒවාට අදාළ reply එක එවන්නෙත් facebook algorithm එක විසින්ම තනියම review කරලා…

+++++

+ සම්පූර්ණයෙන්ම ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍ර පෙන්නන photos අයින් කරනවා.. ඒකෙ කතා දෙකක් නෑ.. එකවුන්ට් එක පලවෙනි වතාවට පැය 24ක්, දෙවෙනි වතාවට පැය 72ක්, තුන්වෙනි වතාවට දවස් 7ක්, හතරවෙනි වතාවට දවස් 30ක් සහ අවසාන වචනයෙන් ආයේ කවදාවත්ම log in වෙන්න බැරි වෙන ලෙස account එක block වෙනවා…

+ තට්ටම් ප්‍රදේශය මැද ඉරත් එක්ක පෙන්න තියෙනවා නම් ඒ වගේ photos අයින් කරනවා. මැද ඉර නැතුව, පලු දෙක (මේවා කියන්න වෙන වචන නෑ අයිසේ  ) වෙන වෙනම තියෙන photo දැම්මට account එකට මොනවත් වෙන්නේ නෑ.. Photo එක report කරත් fb එකෙන් remove කරන්නේ නෑ…

+ පපු ප්‍රදේශය සම්බන්ධයෙන් standerd එක තියෙන්නේ ගැහැණු අයට විතරයි… පිරිමි අය උඩු කය නිරුවත්ව ඉන්න photos දැම්මට අවුලක් වෙන්නේ නෑ..

+ ගැහැණු අය කොච්චර පියයුරු පෙන්නගෙන ඉන්න photos දැම්මට මොනවත් වෙන්නේ නැහැ.. FB එකෙන් remove කරන්නේ පියයුරුවල මැද තියෙන ඩොට් එක පේනවා නම් විතරයි.. ඒ ඩොට් එක පෙන්නේ නැති වෙන්න photos දාන්න පුළුවන්..

+ ඒ ඩොට් එක public විදියට දාන්න පුළුවන් විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා..
— ගැහැණු කෙනෙක් ළමයෙකුට කිරි දෙන photo එකක් facebook දානවා නම් පියයුරුවල මැද ඩොට් එක පෙනුනට ප්‍රශ්නයක් නෑ..
— මොකක්හරි සැත්කමකින් ගැහැණු කෙනෙක්ගේ පියයුරුවලට සිදු වෙච්ච දෙයක් facebook දානවනම් ඒකෙත් පියයුරුවල මැද ඩොට් එක පෙනුනට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. (උදා :- පියයුරු පිළිකා සැත්කමකින් පස්සේ ගැහැණු කෙනෙක්ගේ පොටෝ එකක්)

+ නිරුවත් ප්‍රතිමා, සිතුවම් වගේ දේවල් facebook දානවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. ලිංගාශ්‍රිත ප්‍රදේශ සම්පූර්ණයෙන්ම එලියට පේන්න නිර්මාණය කරලා තිබුනත් ඉහත නීති එකක්වත් ප්‍රතිමා සහ සිතුවම් වලට අදාළ වෙන්නේ නෑ.. ඒ නිසා ඒ වගේ දේවල් share කරොත් කිසිම අයුරකින් block වීමක් සිද්ධවෙන්නේ නැහැ..

+ අධ්‍යාපනික අරමුණු සඳහා fb දාන නිරුවත් photos වලටත් කිසිම ප්‍රශනයක් වෙන්නේ නැහැ… මේකෙදි අනිවාර්යෙන්ම අදාළ photos වල කොටස් නම් කරලා තියෙන්නේ ඕන.. ඒකත් ඉංග්‍රීසි භාෂාවෙන්.. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..

+++++

+ තනි තනි පෞද්ගලික පණිවිඩවල (Private messages) නිරුවත් පින්තූර යැව්වට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..
+ සමූහ පණිවිඩවල (Group chats) නිරුවත් පින්තූර යැව්වහම එකවුන්ට් එක disable වෙනවා  (ඉස්සෙල්ලා සඳහන් කරපු පැය ගණන් යටතේ)
+ ෆේස්බුක් පිටුවලට (Pages)යැව්වට මොනවත් වෙන්නෙත් නැහැ…

============
ෆේස්බුක් Community standards සහ අද්දැකීම් ඇසුරින් මේ ටික ලිව්වේ.. එහෙනම් අපි කැපුනා… තව ප්‍රශ්න තියේනම් ඒවත් අහන්න (එපා)

{රසාම්}

Rashan Hasaranga

Posted on 20th July 2018
97 views